බැබිලෝනියාවේ එල්ලෙන උයන.........

       

පුරාණ ලේඛන වල සඳහන් වූවාට තවම පැවති බවට මෙතෙක් හමුවී නොමැති බැබිලෝනියාවේ එල්ලෙන උයන ලෙස සැලකෙන මෙය පිහිටා තිබුණේ බැබිලෝනියාව ලෙස සැලකූ වර්තමානයේ ඉරාකයේ බැබිල් නිලාල්(Hillah,Babil province)යන ප්‍රාන්තයේ ය.
පළමුවරට මෙම එල්ලෙන උයන ගැන සඳහන් වන්නේ බැබිලෝනියානු පූජකවරියක වූ බෙරොසස්(Berossus) විසින් ක්‍රි.පූ.280හිදී පමණ ලියන ලද බැබිලෝනිකා(Babyloniaca)නම් ග්‍රන්ථයේ ය.එහි මෙය බැබිලෝනියානු රජෙකු වූ දෙවන නෙබුචන්ඩ්නෙෂාර්(Nebuchadnezzar)ගේ නිර්මාණයක් ලෙස සඳහන් කර ඇත.


පුරාණ ලේඛන වලට අනුව රජු මෙය ක්‍රි.පූ.600හිදී පමණ ඉදිකර ඇත්තේ ඇමිටිස්(Amytis)රැජිනව සතුටු කිරීමටයි.ඇය ජීවත්ව සිටින කාලයේ ඇය සතුටු කිරීමට මෙය ඉදිකලා යන්න එක් මතයක් වන අතර ඇය මියගිය පසු ඇය සිහිවීම සඳහා මෙම උයන ඉදිකලේය යන්න අනිත් මතයයි.
     මෙම එල්ලෙන උයන පිලිබඳ පර්යේෂණය කල ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ කථිකාචාර්‍යවරියක වන ආචාර්ය ස්ටැෆනි ඩැලී මෙම උයන මීට දශක කිහිපයකට ඉහතදී පොළව යට වැලලී ඇතැයිද එය වැළලී ඇත්තේ නයින්වා(Nainwaa)නැමැති පැරණි නගරයේ යැයිද කියා සිටියි.
පුරාවිද්‍යවට අනුව මෙම එල්ලෙන උයන විනාශ වී ඇත්තේ ඛාදනය සහ ගැටුම නිසා යැයි හෙළි වී ඇත.


බැබිලෝනියාවේ පිහිටි මෙම එල්ලෙන උයන ඉපැරැණි ලෝක පුදුමයන්ට අයත්ව අරුම පුදුම ස්ථානයක් ලෙස අපට හැඳින්විය හැකිය.

Comments

Post a Comment

Popular posts from this blog

ග්‍රීක දෙවිවරු ............

ප්ලේටෝගේ සාහිත්‍ය සංකල්පනා

කබුකි නාට්‍ය කලාව