ජපන් කගුර නාට්‍ය කලාව........
සූර්ය දෙවඟනගේකෝපය සන්සිඳුවනු වස් රඟ දක්වන ලද රංගන විශේෂයක් ලෙස මෙම නාට්‍ය හැදින්විය හැකිය."කගුර"යන වචනයේ අර්ථය නම් පූජනීය වූ සංගීතයෙන් හා නර්තනයෙන් යුත් රංගන ක්‍රියාවලිය යනුයි.තවද ෂින්තෝ ආගමික දෙවිවරුන් උදෙසා රඟ දක්වනු ලබන සංගීතයෙන් හා නර්තනයෙන් මුසුවූ රංග විශේෂයක් ලෙස මෙය හැඳින්විය හැකිය.
වෙස් මුහුණු පැළඳගෙන නර්තනයේ යෙදීම මෙම නාට්‍යයේ විශේෂ ලක්ෂණයක් ලෙස හොෆ් නැමැති බටහිර විචාරකයා පවසයි.ගී ගායනා හෝ නර්තන යන අංග වලින් එකක් හෝ දෙකම යොදා ගෙන දෙවියන් යැදීම මේ රංග කලාවේ තවත් විශේෂ අවස්ථාවකි.
කගුර ප්‍රභවය හා බැදුණු පුවත මෙනෙහිවන අයුරින් සෑම කගුර නාට්‍යයකම පර්වත ගුහා දොර විවර කිරීම හා බැඳුණු නැටුම් දර්ශනයක් ඉදිරිපත් කෙරේ.කගුර රංගනය සැඳෑ විනෝද සංග්‍රහයක් ලෙස සැලකේ.මළ හිරු බැස යන ඇඳිරියේ නාට්‍යය ආරම්භ කරන අතර පසුදින කාක්කන් හඬලන තෙක් රඟ දැක්වේ.
සරත් ස්‍ෘතුවේ අවසාන භාගයේදී හෝ ශීත ස්‍ෘතුවේ ආරම්භයේදී මම නාට්‍ය විශේෂය රඟ දක්වනු ලැබේ.
නාට්‍ය රඟ දැක්වීමට පෙර ෂින්තෝ ආශ්‍රමය ඉදිරිපිට වූ ගෙවත්තෙහි දර ගොඩක් ගසනු ලැබේ.එය "නිවබි"යනුවෙන් හැඳින්වේ.සියලුම රංග දර්ශනයට සම්බන්ධ වන අය හිඳගත් පසු අධ්‍යක්ෂ හෙවත් මෙහෙයවන්නා නැගිට දර ගොඩ ළඟට ගොස් එය ගිනි දල්වන ලෙස අණ කරයි.මේ කගුර රංගන ප්‍රවේශයයි.ඇතැම් කලා විචාරකයෝ මෙය කගුර නාට්‍යයේ සන්ද්‍යා දර්ශනය ලෙස හඳුන්වති.
ජපන් ආගමික සංස්කෘතික සම්ප්‍රදාය පිළිබඳ අවබෝධයෙන් තොරව කගුර නාට්‍ය පිලිබඳව අවබෝධ කරගත නොහැක.හයචිනෙ කගුර නාට්‍ය වල වර්තමාන ව්‍යූහය ගොඩනැගී ඇත්තේ එදෝ අවධියේ ආරම්භයේදී යැයි ඇතැම් ශාස්ත්‍රවේදීහු පවසති.ඊසාන දිග ජපානයේ "ඉවතෙ"දිස්ත්‍රික්කයේ හයචිනේ යනුවෙන් හඳුන්වනු ලබන කඳු වැටියක් ඇත.එම කඳු වැටියේ නමින් මේ කගුර නම් කෙරුණි.
Good
ReplyDeleteGreat
ReplyDeleteThankz my dr frndz.....
ReplyDeletenice piece of work
ReplyDelete