Posts

ජපන් කගුර නාට්‍ය කලාව........

Image
              සූර්ය දෙවඟනගේකෝපය සන්සිඳුවනු වස් රඟ දක්වන ලද රංගන විශේෂයක් ලෙස මෙම නාට්‍ය හැදින්විය හැකිය."කගුර"යන වචනයේ අර්ථය නම් පූජනීය වූ සංගීතයෙන් හා නර්තනයෙන් යුත් රංගන ක්‍රියාවලිය යනුයි.තවද ෂින්තෝ ආගමික දෙවිවරුන් උදෙසා රඟ දක්වනු ලබන සංගීතයෙන් හා නර්තනයෙන් මුසුවූ රංග විශේෂයක් ලෙස මෙය හැඳින්විය හැකිය.                   වෙස් මුහුණු පැළඳගෙන නර්තනයේ යෙදීම මෙම නාට්‍යයේ විශේෂ ලක්ෂණයක් ලෙස හොෆ් නැමැති බටහිර විචාරකයා පවසයි.ගී ගායනා හෝ නර්තන යන අංග වලින් එකක් හෝ දෙකම යොදා ගෙන දෙවියන් යැදීම මේ රංග කලාවේ තවත් විශේෂ අවස්ථාවකි. කගුර ප්‍රභවය හා බැදුණු පුවත මෙනෙහිවන අයුරින් සෑම කගුර නාට්‍යයකම පර්වත ගුහා දොර විවර කිරීම හා බැඳුණු නැටුම් දර්ශනයක් ඉදිරිපත් කෙරේ.කගුර රංගනය සැඳෑ විනෝද සංග්‍රහයක් ලෙස සැලකේ.මළ හිරු බැස යන ඇඳිරියේ නාට්‍යය ආරම්භ කරන අතර පසුදින කාක්කන් හඬලන තෙක් රඟ දැක්වේ. සරත් ස්‍ෘතුවේ අවසාන භාගයේදී හෝ ශීත ස්‍ෘතුවේ ආරම්භයේදී මම නාට්‍ය විශේෂය රඟ දක්වනු ලැබේ. නාට්‍ය රඟ දැක්වීමට පෙර ෂින්තෝ ආශ්‍රමය ඉදිරිපිට වූ ගෙවත්තෙහි දර ගොඩක් ගසනු ලැබේ.එය "නිවබි"ය

බැබිලෝනියාවේ එල්ලෙන උයන.........

Image
        පුරාණ ලේඛන වල සඳහන් වූවාට තවම පැවති බවට මෙතෙක් හමුවී නොමැති බැබිලෝනියාවේ එල්ලෙන උයන ලෙස සැලකෙන මෙය පිහිටා තිබුණේ බැබිලෝනියාව ලෙස සැලකූ වර්තමානයේ ඉරාකයේ බැබිල් නිලාල්(Hillah,Babil province)යන ප්‍රාන්තයේ ය. පළමුවරට මෙම එල්ලෙන උයන ගැන සඳහන් වන්නේ බැබිලෝනියානු පූජකවරියක වූ බෙරොසස්(Berossus) විසින් ක්‍රි.පූ.280හිදී පමණ ලියන ලද බැබිලෝනිකා(Babyloniaca)නම් ග්‍රන්ථයේ ය.එහි මෙය බැබිලෝනියානු රජෙකු වූ දෙවන නෙබුචන්ඩ්නෙෂාර්(Nebuchadnezzar)ගේ නිර්මාණයක් ලෙස සඳහන් කර ඇත. පුරාණ ලේඛන වලට අනුව රජු මෙය ක්‍රි.පූ.600හිදී පමණ ඉදිකර ඇත්තේ ඇමිටිස්(Amytis)රැජිනව සතුටු කිරීමටයි.ඇය ජීවත්ව සිටින කාලයේ ඇය සතුටු කිරීමට මෙය ඉදිකලා යන්න එක් මතයක් වන අතර ඇය මියගිය පසු ඇය සිහිවීම සඳහා මෙම උයන ඉදිකලේය යන්න අනිත් මතයයි.      මෙම එල්ලෙන උයන පිලිබඳ පර්යේෂණය කල ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ කථිකාචාර්‍යවරියක වන ආචාර්ය ස්ටැෆනි ඩැලී මෙම උයන මීට දශක කිහිපයකට ඉහතදී පොළව යට වැලලී ඇතැයිද එය වැළලී ඇත්තේ නයින්වා(Nainwaa)නැමැති පැරණි නගරයේ යැයිද කියා සිටියි. පුරාවිද්‍යවට අනුව මෙම එල්ලෙන උයන විනාශ වී ඇත්තේ ඛාද

මොනාලිසා..........

Image
           ක්‍රි.පූ.1505-1517 කාල සීමාව තුළ ලියනාඩෝ ඩාවින්චි නම් වූ සුප්‍රකට ඉතාලි ජාතික කලා කරුවා අතින් නිමවුණ විශිෂ්ඨ ගනයේ කලා නිර්මාණය මොනාලිසා සිතුවමයි.1797 සිට වර්තමානය දක්වා මෙය ප්‍රංශයේ පැරිස් නගරයේ The Louvre කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.            මෙම සිතිවම එකල ඉතාලියේ ෆ්ලොරන්ස් (Florence) නගරයේ විසූ Lisa Gherardini නම්වූ ධනවත් කාන්තාවගේ රුවයි.ඇය ධනවත් සිල්ක් වෙළෙන්ඳෙකුගේ බිරිඳ විය.තම නිවසේ වැඩ කටයුතු අවසන් වීමත්,තම දෙවැනි පුතුගේ උපත සැමරීම සඳහාත් ඔහු තම බිරිඳගේ රුව සිතුවම් කරන ලෙස ඩාවින්චි හට පැවරීය.             ප්‍රංශ රජතුමාගේ ආරාධනයකට අනුව ප්‍රංශයට ගිය ඩාවින්චි එහෙ යන විට මෙම සිතුවමද රැගෙන ගියේය.ඩාවින්චි මිය ගිය පසු ඩාවින්චි විසින් කරන ලද නිර්මාණ බොහෝමයක් ඔහුගේ ගෝලයා වූ Salai සතු විය.ප්‍රංශ රජු මෙය ඔහුගෙන් මුදල් ගෙවා ලබා ගන්නා ලදි.         1911 අගෝස්තු 11 වන දින මෙය Louvre කෞතුකාගාරයේ තිබී අතුරුදන් විය.Vincenzo Peruggia යන ඉතාලි ජාතිකයා විසින් මෙය සොරකම් කරන ලදුව 1913දී ඉතාලි කෞතුකාගාරය සඳහා විකුණන ලදි.මෙම සිතුවම පිලිබඳව තමාට වැඩිපුර අයිතියක් ඇතැයි සිතූ ඉතාලි ජාතිකයෝ ඔහ

චීන මහා ප්‍රාකාරය.......

Image
           1987දී යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් බවට නම් කල චීන මහා ප්‍රාකාරය සැබැවින්ම අද්විතීය නිර්මාණයකි.කි.මී.6400ක පමණ දිගකින් එනම් සැතපුම් 4000කින් යුක්ත වන චීන මහා ප්‍රාකාරය නැගෙනහිර ෂැංහයි ගුවාන් සිට බටහිර ලෝප්නූර් දක්වා විහිදී යයි. මෙහි දළ හැඩය ආරුක්කු ස්වරූපයක් ගන්නා අතර එය දළ වශයෙන් අභ්‍යන්තර මොන්ගෝලියාවේ දකුණු මායිම නිරූපණය කරණු ලබයි. චීනයේ උතුරු මායිම ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රි.පූ.6 වන ශතවර්ෂය සහ ක්‍රි.ව.16 වැනි ශතවර්ෂ අතර අනුක්‍රමික චීන රාජ වංශයන් මඟින් පාෂාණ සහ පස් භාවිතයෙන් නිර්මාණය කොට තිබෙන ආරෂිත ප්‍රාකාරයකි මෙය..... 5වන සියවසේ පටන් චීන මහා ප්‍රාකාරය ලෙස හැඳින්වෙන ප්‍රාකාර කිහිපයක් නිර්මාණය කර තිබේ.මේ අතරින් වඩාත් ප්‍රසිද්ධ ප්‍රාකාරය නිර්මාණය කරන ලද්දේ පළමුවන චීන අධිරාජ්‍යයා වූ ෂි හුවාන් (Qin Shihuang) විසිනි.Qin Wei,Zhao,Qiyan සහ Zhongshan ලෙස රාජ්‍ය කිහිපයකට ක්‍රි.පූ.5 සිට ක්‍රි.පූ.221 යන කාලය තුළ චීනය කොටස් වලට බෙදී තිබුණි.එම කාල පරාසය තුළ ඔවුන්ගේ ආරක්ෂාව ඔවුන්ම සපයා ගැනීමට පුරුදු වී තිබුණි.සතුරාගෙන් එල්ල වන ප්‍රහාර හමුවේ සතුරාට මුහුණ දීමට මෙම ප්‍රකාර ඉදිකිරීම ඉතාම ව

ප්ලේටෝගේ සාහිත්‍ය සංකල්පනා

Image
                              තම මුලු ජීවිත කාලයම සත්‍යය ගවේෂණය සඳහා කැපකල ප්ලේටෝගේ විවේචනයට මුලින්ම හසු වන්නේ සාහිත්‍ය පොත් පත් වල අන්තර්ගතය සහ කවියාගේ දැනීමයි.ප්ලේටෝගේ සංවාදයන්හි මේ පිලිබඳ අදහස් බොහෝමයක් දැක්වේ.කවීන් සාර්ථක සාහිත්‍ය පොත් පත් රචනා කරන්නේ දේවානුභාවයෙන් බව,කාව්‍යකරණය කරන අවස්ථාවෙහි කවියා ප්‍රක්‍ෘති සිහියෙන් නොසිටින බවය ඔහුගේ අදහස වන්නේ.තවද,කාව්‍යකරණය කරන අවස්ථාවේදී කවියාගේ මනසට ආරූඪ වී සිටින්නේ කවියට අධිපති දෙවියාය. එමෙන්ම සමකාලීනව සමාජයේ පැවති මරණින් මතු ඉරණම යන්න කවීන් දී තිබූ සංකල්පය ප්ලේටෝගේ දඩි විවේචනයට ලක් වූ සංකල්පයක් විය.යමෙකු මරණයට පත් වූ විට ම්‍ෘත ශරීරයට අවශ්‍ය ගරුබුහුමන් නිසි ලෙස කෙරුනහොත් ඔහුගේ ජීවිතය යහපත් අන්දමින් ගත කර තිබුනත් නැතත් ඔහුගේ ආත්මය මළවුන්ගේ ලෝකයට ඇතුළත් වන බව කවීන් පවසා තිබුණි.මරණින් මතු ජීවිතය පිළිබඳ මෙවැනි සංකල්ප සමාජයට දීම අතිශයින් හානිදායක බව ප්ලේටෝ පැවසීය. එමෙන්ම සාහිත්‍යය ක්‍ෘතියක ගැබ් වී ඇති ආකර්ෂණ ශක්තිය ප්ලේටෝගේ විවේචනයට ලක්වන ඊළඟ කරුණයි. "කාව්‍ය හරිම බලවත් විජ්ජාවක් වගෙයි." "මං කියන්නේ ඒවා නරක දෑ කියලා නොවෙයි.ජනප්‍රිය

කබුකි නාට්‍ය කලාව

Image
                          17 වන සියවසේ ප්‍රභවය වූ කබුකි නාට්‍ය කලාව නාට්‍ය ධර්මී හා ලෝක ධර්මී යන රංග ශෛලීන් මනා ලෙස සංකලනය වූ නාට්‍ය කලාවකි. මෙහි කබුකි යන වචනයේ පරිණාමය විමසා බැලීමේදී "ක"යනු ගායනයයි."බු"යනු නර්තනයයි."කබු"චීන වචනයකි.මේ වචනයට ජපන් ජාතිකයන් විසින් "සු"අකුර එක් කරන ලදි.එහි අරුත කිරීම යනුයි.ඒ අනුව "කබුසු"යන වචනයේ අර්ථය වන්නේ "ගායනය හා නර්ථනය"කිරීම යනුයි.මේ වචනය නිසි ලෙස උච්ඡාරණය කල නොහැකි වූ සාමාන්‍ය ජනතාව විසින් "කබුකි"යනුවෙන් එය උච්ඡාරණය කෙරිණි. උසුලු විසුලු කිරීම,කැමති පරිදි ක්‍රීඩාවෙහි යෙදීම,විලාස පෑම යන අර්ථයන් සාමාන්‍යයෙන් කබුකි යන වචනයෙන් අදහස් කරයි.එමෙන්ම "ක්‍යාගෙකි"හෙවත් "පෞරාණික ගුරුකුල නාට්‍ය" යන නමින්ද කබුකි හඳුන්වනු ලැබේ.               පුරාවෘත්තයන්ට අනුව ප්‍රථම කබුකි දර්ශනය රංග ගතකර ඇත්තේ ක්‍රි.ව.1596 දී ක්යෝතෝ නගරයේදීය.ක්‍රි.ව.1688 සිට 1704 දක්වා වූ ගොන්රොකු අවධියෙහි කලාත්මක මාධ්‍යයක් ලෙස මෙය තව දුරටත් වර්ධනය වී ඇත. කබුකි නාට්‍ය කලාව ගොඩනැගෙන්නට වූයේ එදෝ හෙවත් තොකුගාවා අව

භාරතීය මිථ්‍යාවේදය.........

Image
                    භාරතීය මිථ්‍යාවේදයේ දැක්වෙන දේව පුරාණය අපරදිග දේව පුරාණයන්ට වඩා වෙනස් ස්වරූපයක් ගනු ලබයි.හින්දු දෙවිවරු තිදෙනාට මහා බල සම්පන්න අඹුවෝ සිටිති.මහා බ්‍රහ්මයාගේ භාර්යාව වන සරස්වතිය බුද්ධියටත් කලාවටත් අධිපති දෙවඟනයි.සශ්‍රීකත්වයට අධිපති දෙවඟන වූ ලක්ෂ්මී දේවිය විෂ්ණු දෙවියන්ගේ භාර්‍යාවයි.පාර්වතී නැතහොත් දුර්ගා නමින් හඳුන්වනු ලබන උමයංගනාව ශිව දෙවියන්ගේ භාර්‍යාවයි.මෙම දිව්‍යාංගනාවන් හුදකලාව තම බලය පතුරවාගෙන සිටිය තැනැත්තියන් නොව ස්වකීය ස්වාමිපුරුෂයින්ගේ ශක්තිය හා බලයෙන් ස්වකීය ආනුභාව පතුරවන දෙවඟනන් සේ සැලකේ.                     මෙම දෙවිවරුන් අතරින් විෂ්ණු දෙවි හාමුදුරුවන් වහන්සේ වඩාත්ම මානුෂීය ගති ඇති දෙවියන් සේ සලකනු ලබන්නේ ලොව විනාශය කරා ගිය බොහෝ අවස්ථා වලදී දෙව් ලොවින් මනුෂ්‍ය ලොවට සැපත් වී ඒවා විසදීමට මැදිහත් වූ බැවිනි.                   විෂ්ණු දෙවියන්ගේ විවිධ අවතාර පවතින බවත් විවිධ වේෂයෙන් මනුෂ්‍යයන්ට පිහිට වීමට ඉදිරිපත් වන බවත් ප්‍රකට කරුණකි.               මෙම ප්‍රධාන දෙවිවරුන් තිදෙනා හැරුනු විට හින්දු භක්තිකයන් අදහන වර්ෂාවට අධිපති ඉන්ද්‍ර,සූර්‍යයාට අධිපති සූර්ය දෙවියෝ,